Monday, September 3, 2012
බල සමාන්තරාස්‍ර නියමය නිවැරදිදැයි බැලීම සහ වස්තුවක බර සෙවීම.
බල සමාන්තරාස්‍ර නියමය නිවැරදිදැයි බැලීම සහ වස්තුවක බර සෙවීම.
උපකරණ:-
*බල සමාන්තරාස්‍ර උපකරණය
*පඩි පෙට්ටිය
*සිහින් නූල් කැබලි කීපයක්
*සැහැල්ලු කම්බි කොකු හෝ තැටි තුනක්
*මීටර් රූලක්
*පෝරු කටු
බල සමාන්තරාස්‍ර නියමය:-
ලක්ෂයක ක්‍රියා කරන බල 2ක් විශාලත්වය හා දිශාවෙන් සමාන්තරාස්‍රයක බද්ද පාද 2කින් නිරූපනය කල විට සම්පූර්ණ සමාන්තරාස්‍රයේ ආරම්භක ලක්ෂය හරහා යන විකර්ණයෙන් එම බල 2හි සම්ප්‍රයුක්තය විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපනය වේ.
(ලක්ෂයකදී එකිනෙකට යම් කෝණයක් ආනතව ක්‍රියා කරන a හා b බල දෙක විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන්තරාස්‍රයකPQ සහ PS පාද වලින් පිළිවෙලින් නිරෑපනව කල විට සම්පූර්ණ කල PQRS සමාන්තරාස්‍රයේ PR විකර්ණයෙන් a හා b බල 2හි සම්ප්‍රයුක්තය විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපනය වේ.)
ක්‍රමය:-
*බල සමාන්තරාස්‍ර උපකරණයේ කප්පි දෙක උඩින් තන්තුව දමා එහි කෙලවරට A හා B තුලා තැටි ගැට ගසා ඒවාට ස්කන්ධය දන්නා පඩි දෙකක් දමන්න.
*කප්පි දෙක අතර තන්තුව මැදින් තන්තුවක් ගැට ගසා එයින් C තුලා තැටිය එල්ලන්න.
*A හා B තුලා තැටි වලට දැමූ ස්කන්ධ වල එකතුවට වඩා අඩු ස්කන්ධයක් ඇති පඩියක් C තුලා තැටියට දමන්න.
*C තුලා තැටිය මදක් පහලට ඇද නිදහස් කර මුල් පිහිටීමට පැමිණේ දැයි බලන්න.
*මෙලෙස C තුලා තැටිය පහලට හා ඉහලට කිහිප වරක් විස්තාපනය කර මුල් පිහිටීමට පැමිණේ දැයි පරීක්ෂා කර බලන්න. එසේ නොවෙයි නම්, කප්පි වලට තෙල් දමා ඝර්ෂණය අඩුකර නැවත පරීක්ෂා කර බලන්න.
*පෝරු කටු ආධාරයෙන් ලෑල්ල මත සුදු කඩදාසියක් (A4 කොලයක්) සවි කරන්න.
විහිද චතුරස්‍රයක ලම්භක පාද දෙකෙන් එකක් සුදු කඩදාසිය මතද අනෙක තන්තුවට යන්තම් ස්පර්ෂ වන ලෙසද සිටුවා තන්තුවට යටින් විහිද චතුරස්‍රයේ දාරය පිහිටන ලක්ෂය පැන්සලකින් සුදු කඩදාසිය මත ලකුණු කරන්න. මෙලෙස එක තන්තුවකට 10cm පමණ ඈතින් ලක්ෂ්‍ය දෙක බැගින් ලකුණු කරන්න.
*රම ලක්ෂ්‍ය දෙක යා කර සමාන්තරාස්‍රයේ බද්ද පාද දෙක ඇද A හා B තුලා තැටි වලට දැමූ පඩි වල බර සුදුසු පරිමාණයක් අනුව බද්ද පාද මත නිරූපණය කර සමාන්තරාස්‍රය සම්පූර්ණ කර විකර්ණ සිරස්ව පිහිටන්නේදැයි බලන්න. එම විකර්ණය මැන එයින් C තුලා තැටියට දැමූ බර නිරූපණය වේ දැයි බලන්න.
*ඉන් පසු තුලා තැටි වලට වෙනස් බර ඇති දමා කිහිප වරක් පරීක්ෂණය කරන්න.
*මැද තුලා තැටියට දැමූ පඩිය ඉවත් කර බර සෙවිය යුතු වස්තුව එයට දමා දෙපස තුලා තැටි දෙකට සුදුසු පඩි දමා පළමු ලෙසම පරීක්ෂණය කර විකර්ණය මැනීමෙන් වස්තුවේ බර සෙවිය හැකිය.
වැදගත්:-
*කප්පි දෙක එකම තලයක තිබිය යුතුය. එසේ නොවුවහොත් සුදු කඩදාසිය මත තන්තු වල ප්‍රක්ෂේපණ නිවැරදි නොවේ.
*කප්පි වල ඝර්ෂණය ඇති විට තුලා තැටි විස්තාපණය කර නිදහස් කල විට තන්තු එකම තැන නිෂ්චල නොවේ. කප්පි වලට තෙල් දමා ඝර්ෂණය අඩු කර මෙම දෝෂය වලක්වා ගත හැකිය.
*තුලා තැටි වලට සැලකිය යුතු බරක් ඇති නිසා සමාන්තරාස්‍රයේ විකර්ණය සිරස් නොවිය හැකිය. එවිට තුලා තැටි වල බරද පඩි වල බරට එකතු කර බල සමාන්තරාස්‍රය සම්පූර්ණ කල යුතුය.
*තන්තු වල බර නිසාද විකර්ණය සිරස් නොවිය හැකිය. සිහින් සැහැල්ලු තන්තු භාවිත කිරීමෙන් දෝෂය මග හරවා ගත හැකිය.
*ඇඹරූ නූල් භාවිතා කල විට තුලා තැටි භ්‍රමණය වීමට හැකි නිසා ඇඹරූ නූල් වෙනුවට තංගුස් පටවල් වැනි තන්තු භාවිත කිරීම සුදුසු වේ.
*තුලා තැටි භාවිතා නොකර පඩි කෙලින්ම තන්තු වලින් එල්ලීමෙන් තුලා තැටි වල බර නිසා ඇති වන ප්‍රතිෂත දෝෂ ඇති නොවේ.
Subscribe to:
Post Comments (Atom)
this is very nice.thank you
ReplyDeleteThis is very important for our A/L exam. Thank you
ReplyDeleteThis is very important for our A/L exam. Thank you
ReplyDeleteNice....very valuable
ReplyDeleteThank you
ReplyDelete